නාම යෝජනා භාරදීමෙන් පසු පොහොට්ටුවේ පළමු ජන හමුව අනුරාධපුරයේ

Tuesday, 08 October 2019 - 7:36

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් වීමත් සමඟ මේ වන විට දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පවත්වන පළමු ජන හමුව හෙට අනුරාධපුරය - සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව හෙට පස්වරු 2ට මෙම ජන හමුව පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ඊට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.