අරුවක්කාලූ කසල අංගනයේ නළයක පිපිරීමක් - කසල ටිපර් රථ 29ක් යළි කොළඹට

Tuesday, 08 October 2019 - 7:38

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%85%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%85%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+29%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
අරුවක්කාලූ කසල අංගනයෙහි ඊයේ රාත්‍රියේ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් කසල අංගනය ආසන්නයේ සිටින සේරක්කුලිය සහ කරතිව් ගම්මානවල ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ දිනයේදී කසල අංගනයේ පළමු වරට මීතෙන් වායුව පරීක්ෂා කර ඇති අතර, එහිදී නළයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, පිපිරුමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

මේ හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලූ වෙත කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29ක් යළි කොළඹට හරවා යැවීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, පසුගිය දින කිහිපය තුළ ඇද හැලූණු අධික වර්ෂාපතනයත් සමඟ අරුවක්කාලූ කසල රදවනයේ කසල තැන්පත් කිරීම නිසි පරිදි සිදුකළ නොහැකිවීම හේතුවෙන් පැවති දුර්ගන්ධය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

දිනකට කොළඹ නගර සභාවෙන් ලොරි රථ 30කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යන අතර පසුගිය දින කිහිපය තුළ ඇද හැලූණු වර්ෂාපතනයත් සමඟ එය අඩාල වී ඇති බවටයි වාර්තා වන්නේ.

එලෙස රැගෙන ගිය කසල අරුවක්කාලූ කසල රදවනයෙන් පිටත තැබීම නිසා එම ප්‍රදේශය අවට අධික දුර්ගන්ධයක් ද පැවති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, දුර්ගන්ධය වැළැක්වීමට රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා මේ වන විට යළි කසල නිසි පරිදි තැන්පත් කරන බවයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.