කැස්බෑ මස් තොගයක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

Tuesday, 08 October 2019 - 11:08

%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%91+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඩෙල්ෆ් - මනලඩි ප්‍රදේශයේ කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී නිවසක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහි තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

නිවසේ සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගනු ලැබුවා.

24, 57, 60 සහ 66 හැවිරිදි වියේ පසුවන එම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඩෙල්ෆ් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.