චර්ම රෝගයක් නිසා, දඹුල්ලේ සිසුවියන් තිදෙනෙකු, පාසලකින් කොන් වේ

Tuesday, 08 October 2019 - 12:31

%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
එච්.අයි.වී ආසාදනය වී ඇතැයි පවසමින් එකම පවුලේ සිසුවියන් තුන්දෙනෙකු පාසලෙන් සහ සමාජයෙන් කොන් කිරීමේ පුවතක් ගලේවෙල - අලූත්ගම - නීරන්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කෙසේ වෙතත්, මොවුන්ට චර්ම රෝගයක් වැළදී ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ. මෙම සිසුවියන් අවුරුදු 8,13,14 යන වයස්වල පසුවනවා.

මොවුන්ගේ 24 හැවිරිදි වැඩිමහල් සහෝදරිය විදේශගතව සිට පැමිණ ඇති අතර, පළමුව ඇයට මෙම චර්ම රෝගය වැලදී ඇති බවටයි වාර්තා වන්නේ.

2018 වසරේදී ඇඟලූම් රැකියාවක් සඳහා විදේශගත වූ ඇය යළි මෙම වසරේ පෙබරවාරි මාසයේ මෙරටට පැමිණීමෙන් අනතුරුව එච්.අයි.වී. පරීක්ෂාවක් ද සිදුකරගෙන තිබෙනවා.

ඉන් තහවුරු වී ඇත්තේ ඇය එච්.අයි.වී. ආසාදිතයෙකු නොවන බවයි. කෙසේ වෙතත් ඇයට එච්.අයි.වී. ආසාදනය වී ඇති බවට රාවයක් පැතිර යාමත් සමඟ ඇයගේ පාසැල් යන සහෝදරියන් තිදෙනා පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ ගම්වාසීන් වෙනස් කොට සැලකීමට කටයුතු කර ඇත්තේ.

අදාළ සිසුවියන් තිදෙනා මෙන්ම, මොවුන්ගේ තවත් 27 හැවිරිදි සොහොයුරියකට මෙන්ම ඇයගේ අවුරුදු තුන හමාරක් වයසැති දරුවා ද මෙම චර්ම රෝගයට ගොදුරු වී ඇති බවට රාවයක් පැතිර ගොස් තිබෙනවා.

එම තත්ත්වය හමුවේ පාසැල් දැරියන් තුන්දෙනා සති දෙකක සිට පාසල් යාම නවතා ඇති අතර, නැවතත් එම පාසලට යා නොහැකි බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, මොවුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම චර්ම රෝගය නිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කළ හැකි බවයි දඹුල්ල රෝහලේ චර්ම රෝග සායනයේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.