අරුවක්කාලූ පිපිරීම, කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි පරීක්ෂණ - කසල ගෙන යාමට බාධාවක් නැහැ

Tuesday, 08 October 2019 - 12:36

%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+-+%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
අරුවක්කාලූ කසල අංගනයෙහි ටැංකියක් තුල සිදුවූ පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව පොලිසිය සහ රජයේ රස පරීක්ෂකවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කසල අංගනයෙහි ඝන අපද්‍රව්‍ය එක් රැස්කෙරෙන ටැංකියක ඊයේ රාත්‍රී කිසියම් පිපිරීමක් සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් කසල අංගනය ආසන්නයේ සිටින සේරක්කුලිය සහ කරතිව් ගම්මානවල ජනතාව දැඩි කම්පනයකට ද පත්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිපිරීම හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලූ වෙත කසල රැගෙන එමින් තිබූ ටිපර් රථ 29ක් යළි කොළඹට හරවා යැවීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ කියා සිටියේ මේ වනවිට කසල රැගෙන යාමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

මේ අතර, හැටන් - දික්ඔය නගර සභා බල සීමාවේ දෛනිකව එක්රැස්වන කසල කාසල්රී ජලාශයට බැහැර කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඇතැම් අවස්ථාවලදී නගර සභාවේ සේවකයන් විසින් ද සූක්ෂම අයුරින් කසල ජලාශයට බැහැර කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.