සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස්, ඉන්දියාවේ මනාලියක් ඇතුළු 4 දෙනෙකු, ජලාශයකට වැටී මරුට

Tuesday, 08 October 2019 - 12:42

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%92+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව යොවුන් මනාලියක් සහ ඇගේ පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකු ජලාශයක් අසළ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් එම ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පම්බර් හි වාරි ජලාශයක් අසළ එම සෙල්ෆි ඡායාරූපය ගැනීමට පවුලේ සාමාජිකයන් 6 දෙනෙකු එක්වී ඇති අතර, ඉන් මනාලයා සහ ඔහුගේ සොහොයුරිය පමණක් දිවි ගලවාගෙන ඇති බව සඳහන්.

එකිනෙකා අත්අල්වාගෙන ඡායාරූපය ගැනීමට සූදානම් වද්දී, එක් අයෙකු ලිස්සා ජලාශයට වැටී ඇත්තේ අනෙක් අය ද එහි පතිත කරවමින්.

සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත හානි සිදුවන රටවල් අතර ඉන්දියාව පෙරමුණ ගන්නා අතර, 2011 වසරේ සිට 2017 දක්වා නිළ වශයෙන් වාර්තා වූ ලොව පුරා සෙල්ෆි අනතුරු මරණ 259න් අඩක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන්.