බ්ලූමැන්ඩල් සංඛ යළි රිමාන්ඩ්

Tuesday, 08 October 2019 - 13:13

%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පුද්ගල ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන  සංඛ ශිරන්ත හෙවත් බ්ලූමැන්ඩල් සංඛ ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන බ්ලූමැන්ඩල් සංඛ පසුගිය මාර්තු මස ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පසුගිය මස 9 වන දා රාත්‍රි ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.