සඳහිරු සෑයේ රත්‍රං සිද්ධිය හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් යළි රිමාන්ඩ්

Tuesday, 08 October 2019 - 14:47

%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%91%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සඳහිරුසෑයේ තැන්පත් කිරීම සඳහා රේගුව සතු කිලෝග්‍රෑම් 8 ක රත්‍රං ලබාදී සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප ඉල්ලීමක් සිදුකළ අතර, ඒ සම්බන්ධයෙන් වන නියෝගය 11 වන දා ලබාදීමටයි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ.

එමෙන්ම, සැකකරුවන් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටි රෝහල්වලට ම යොමු කරන ලෙස ද නීතිඥවරුන් ඉල්ලීමක් කළා.

එලෙස නියෝගයක් ලබාදීමට තම අධිකරණයට බලයක් නොමැති නමුත් බන්ධනාගාර රෝහලෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අවධානය යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන්විය හැකි බවයි මහේස්ත්‍රාත්වරයා එහිදී ප්‍රකාශ කළේ.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් ගිලන් රථයකින් රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.