අද රාත්‍රියේත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි

Tuesday, 08 October 2019 - 15:03

%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලට අද රාත්‍රි කාලයේ වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකියි.

අකුණු පවතින අවස්ථාවල අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.