ආනමඩුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ආරවුලකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Tuesday, 08 October 2019 - 15:56

%E0%B6%86%E0%B6%B1%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ආනමඩුව - ආඩිගම ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී පෙරියමඩුව හා දළුවේගම යන ප්‍රදේශවල පදිංචි දෙපිරිසක් බීමතින් සිටියදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇතිවූ බවයි.

එහිදී තුවාල ලැබූවන් දෙදෙනෙකු ආනමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තුවාල ලැබූ එක් අයෙක් කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණා.

ඉන් අනතුරුව ඔහු මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.