බස් රථයක් ප්‍රපාතයකට පෙරළි ළමුන් 28ක් රෝහලේ

Tuesday, 08 October 2019 - 16:30

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+28%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
හැටන් - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී අද සිදුවූ අනතුරකින් පාසල් ළමයින් 28 දෙනෙකු ඇතුලූ 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ලොරි රථයකට ඉඩ ලබාදීමට යාමේදියි ප්‍රපාතයට පෙරළී ඇත්තේ.

ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අද පැවති ආගමික උත්සවයකට සහභාගිවී නැවත නිවෙස් බලා යමින් සිටි පාසල් ළමයින් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.