අපායේ ඇල්ලෙන් අදවැටී සිදුවූ ඛේදවාචකයෙන් තවත් වන අලින් පස්දෙනෙකු මියයයි

Tuesday, 08 October 2019 - 16:36

%E0%B6%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මධ්‍යම තායිලන්තයේ කාවෝ - යායි ජාතික වනෝද්‍යානයේ පිහිටි හෙව් නරොක් දියඇල්ලෙන් ඇද වැටී මියගිය තවත් වන අලි පස්දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර තිබෙනවා.

මෙම ඇල්ලට වැටුණු වන අලි හයදෙනෙකු පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වූ අතර, ඇල්ලේ ප්‍රපාතය අසලට පැමිණි වන අලි දෙදෙනෙකු බේරා ගැනුනා.

ඇල්ලට ඇද වැටුණු අලි පැටවෙකු මුදාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදියි අනෙක් අලි පස්දෙනා දියේ ගිලී තිබුණේ.

මේ පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට තායි බලධාරීන් ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන ඇති අතර, ඉන් පසුවයි එහි අලි 11 දෙනෙකුගේ සිරුරු නිරීක්ෂණය කර තිබෙනවා.

අපායේ ඇල්ල යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම දියඇල්ල දැන් සංචාරකයන් සඳහා වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.