මන්නාරමේදී නීතිවිරෝධීව මසුන් මැරූ 7 දෙනෙකු නාවික හමුදා භාරයට

Tuesday, 08 October 2019 - 17:16

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මන්නාරම - අරිප්පු වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඩයිනමයිට් යොදා ගනිමින් ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 471 ක් සමඟ මෙම පිරිස වයඹ නාවික විධානයට අනුයුක්ත සෙබළුන් පිරිසක් විසින් ඊයේ සිදුකළ වැටලීමකදී සිය භාරයට ගත් බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

අවුරුදු 26 ත් 48 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අරිප්පු ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගේ ඩිංගි යාත්‍රා දෙක සහ මසුන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.