ප්‍රමාදවීම් මැද දුම්රිය සියල්ල ධාවනයේ - සීසන් ගන්න තවත් සතියක්

Tuesday, 08 October 2019 - 19:17

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+-+%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යම් ප්‍රමාදයන් සහිතව වුවද අද පෙරවරුවේ සිට සියලුම දුම්රිය ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිනය තුළ දුම්රිය ගමන් වාර 340 ක් ධාවනය කිරීමට  පියවර ගත් බවයි ගමනාගමන අධිකාරී වජිර පොල්වත්තගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇතැම් දුම්රිය ප්‍රමාදවී තිබූ අතර, දුම්රිය කිහිපයක කාර්මික දෝෂ මතුව තිබුණා.

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දින 12 ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය ඊයේ අවසන් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

වර්ජනය හේතුවෙන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකිවීම නිසා ඒවා ලබාගත හැකි කාලය 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.