කෝටි 2141 ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට

Tuesday, 08 October 2019 - 19:56

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+2141+%E0%B6%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආණ්ඩුව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් කෝටි 2141 ක පරිපූරක ඇස්තමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විරෝධය පළ කළා.

ඔහු එහිදී අවධාරණය කර සිටියේ් මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරිමට කටයුතු කිරිම ප්‍රායෝගික නොවන බවයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පසුගිය ජූලි මස 15 සිට සැප්තැම්බර් 15 දක්වා කාලය සදහා ඉදිරිපත් කල පරිපුරක ඇස්මේන්තුවේ වටිනාකම රුපියල් කෝටි 2141 කට අධික බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම වාචික පිලිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අද දිනයේ  න්‍යාය පත්‍රයේ ඇතුලත්ව තිබුනද ඒවා වෙනත් දිනයක කැඳවීමට කථානායකවරයා කටයුතු කළා.

ඒ, පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාවේ ගනු ලැබු තීරණයකට අනුවයි.

අද පාර්ලිමේන්තුව කථානායක කරු ජයසුරියගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1ට ආරම්භ වු අතර එහි කටයුතු කටයුතු පස්වරු 2කට අවසන් වූයේ පැයකට පමණක් සභාවාරය සීමා කරමින්.

එහිදි ලබන 23 වනදා පෙරවරු 10.30 දක්වා සභාව කල් තැබීමට ද කථානයකවරයා කටයුතු කළා.

මේ අතර, මුලතිව් නායාරු ගුරුකන්ද විහාරස්ථානයේ විහාරධිපතිගේ ආදාහන පුජෝත්සවය සිදුකිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ප්‍රතිචාර දක්වා සිටියා.