ජනපතිවරණය නිම වන තුරු, නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති, රෝහණ ලක්ෂ්මන් පියදාස

Wednesday, 09 October 2019 - 6:44

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%8F%E0%B7%83
ජනාධිපතිවරණ සමය අවසන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.

ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වන තුරු ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව කටයුතු කිරිමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද දැනුම්දීමට නියමිතයි.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ කියා සිටියේ නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව අද පෙරවරු 10.30 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිදහස් පක්ෂයේ තීරණය දැනුම්දීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට තීරණය කෙරුණා.

කෙසේ වෙතත් ජනාධීපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ දිනයේදීත් පැවැත්වුණා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි.

පසුව ඊට එක්වූ මන්ත්‍රීවරුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගේ නිවසට රැස්වුණේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහායි.

මේ අතර, ජනාධිපතිවරණයේදී සහය දක්වන්නේ කාට ද යන්න සම්බන්ධයෙන් සෙසු පක්ෂ මේ වන විට විවිධ සාකච්ඡා පවත්වනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ රැස්වුණා.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව තීරණයකින් තොරවයි අවසන් වී ඇත්තේ.

ඊට අමතරව ලංකා කම්කරු කොංග්‍රසය ජනාධිපතිවරණයේදී සහය දක්වන පාර්ශවය සම්බන්ධයෙන් පක්ෂයේ මතය මේ මස 13 වන දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ නිදහස් පක්ෂය ගනු ලබන තීරණයට අනුව කම්කරු කොංග්‍රසය ද කටයුතු කරනු ඇති බවයි.