කටුනේරියේ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකුට තුවාල

Wednesday, 09 October 2019 - 10:55

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල - කටුනේරිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

අද අලූයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ කටුනේරිය - ලන්සිගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මෝටර් රථයේ රියදුරුයි.

ලොරි රථය අනුරාධපුර - සාලියවැව ප්‍රදේශයේ සිට කොළඹට ගඩොල් ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර, එහි රියදුරුට නින්දයාම අනතුරට හේතුව බව පොලීසිය සඳහන් කළා.