ඇඹුල්ගම මංසන්ධියේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Wednesday, 09 October 2019 - 13:58

%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B8%E0%B6%82%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හංවැල්ල - ඇඹුල්ගම මංසන්ධියේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු හංවැල්ල - වනාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය මගින් ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කඩු 4 ක් සහ ජංගම දුරකථන 4 ක් ද සමඟින්.

41 හැවිරිදි දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු අද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය සැප්තැම්බර් මස 15 වනදා රාත්‍රීයේදී මෝටර් රථයකින් යමින් සිටි දෙදෙනෙකුට මෙලෙස වෙඩි තබා තිබුණේ වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කණ්ඩායමක් විසින්.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දිනිත් මෙවන් මාබුල හෙවත් ඌරුජුවා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම යටතේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.