පළාත් රැසකට අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

Wednesday, 09 October 2019 - 14:52

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලට අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70 ක 80 ක පමණ කෙටිකාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි.

මීට අමතරව අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලටද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද ඔවුන් දැනුම්දෙනවා.

ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙන්නේ.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් ද වැලකිය යුතුයි.

එමෙන්ම අකුණු සහ ගිගුරුම් සහිත අවස්ථාවල බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකිය යුතු වනවා.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


පළාත් කිහිපයකට වැසි
Saturday, 04 July 2020 - 17:06

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වල... Read More

දඹුලු ඔයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක් හමුවෙයි (වීඩියෝ)
Saturday, 04 July 2020 - 16:29

දඹුලු ඔයේ කෝන්පලයායගම ප්‍රදේශයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක්... Read More

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන්
Saturday, 04 July 2020 - 15:58

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය... Read More