දුප්පත්කම වැඩිවීමට හේතුව ජනපති පහදයි

Wednesday, 09 October 2019 - 16:05

%E0%B6%AF%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මත්ද්‍රව්‍යවලට එරෙහිව පුළුල් වැඩසටහනක් රජය ක්‍රියාවට නංවනු ලැබුවේ එම හේතුව මත බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

අනාගතයේදී යහපත් රටක් ගොඩනැගීමට මත්ද්‍රව්‍යවලින් නිදස් ගමක් ගොඩනැගිය යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

ඔහු මෙම අදහස් පළකළේ සංවර්ධනය කෙරුනු පළුගස්වැව ආසිරිගම ග්‍රාමශක්ති ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.