ඇල්පිටියේ ඡන්දය ගැන පක්ෂ විපක්ෂ අදහස්

Saturday, 12 October 2019 - 13:21

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අවසන්වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සිය පක්ෂය ලද ජයග්‍රහණය සම්බන්ධයෙන් ඊයේ ඇල්පිටියේදී කියා සිටියේ බෙන්තර - ඇල්පිටියේ ජනතාව සිටින තුරු සිය දේශපාලන ගමන නැවැත්වීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡුන්ද පදනම තවදුරටත් ශක්තිමත් වී ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.  

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ පවතින පසුබෑම මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ මෙම ජයග්‍රහණයත් සමඟ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමේ ප්‍රාදේශීය මට්ටමේ කටයුතු සාර්ථක වී ඇති බවයි.