හැගිබිස් සුළි කුණාටුව, නරීටා ගුවන් ගමන් ප්‍රමාද කරයි

Saturday, 12 October 2019 - 14:16

%E0%B7%84%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%2C+%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%A7%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජපානයට බලපා ඇති හැගිබිස් සුළි කුණාටුව නිසා එරට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 7 කින් පමණ ප්‍රමාද කර ඇති බව එම ගුවන් සේවය නිවේදනය කරනවා.

එම සුළි කුණාටුව අද පස්වරුවේ ජපානයට ඇතුළු විය හැකි බවටයි විදෙස් මාධ්‍ය වල වාර්තා පළ වන්නේ.

මේ අනුව, අද රාත්‍රී 7.15ට ජපානයේ - නරීටා බලා පිටත්වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 460 යානය හෙට අලූයම 2.15 දක්වා ප්‍රමාද කෙරෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම් දෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර 0117 77 19 79 අංකයෙන් දැන ගත හැකි බව ද එම ගුවන් සේවය නිවේදනය කළා.