පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ 11ක් අත්අඩංගුවට

Saturday, 12 October 2019 - 16:45

%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+11%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිකුණාමලය - සූදිකුඩා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් ඊයේ මෙම පිරිස සමග ඩයිනමයිට් යොදා ඇල්ලූ මසුන් කිලෝ ග්‍රෑම් 1354 ක් ද නාවික හමුදා භාරයට ගත් බවයි.

එහිදී ඔවුන් ධීවර කටයුතු සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රා දෙකක් සහ ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

අවුරුදු 27 ත් 37 ත් අතර වයස්වල පසුවන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන මොවුන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව නිවේදනය කළේ.