වන ඝණත්වය ඉහළ ගොස් ඇතැයි ජනපති කියයි

Saturday, 12 October 2019 - 17:27

%E0%B7%80%E0%B6%B1+%E0%B6%9D%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසරක ක්‍රියාත්මක කළ වැඩපිලිවෙල හේතුවෙන් රටේ වන ඝණත්වය වර්ධනය වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හබරණ - ගල්ඔය රක්ෂිත භූමියේ පැවති වන රෝපා ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඉකුත් දශක 5 කට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩුවක් කාලයේම රටේ වන ඝණත්වය පහළ ගොස් ඇති බවයි.

එහිදී මාතලේ, මහනුවර, කුරුණෑගල, නුවරඑළිය, දිස්ත්‍රික්කවල හෙක්ටයාර 9900 ක භූමි ප්‍රමාණයක් වන රක්ෂිත වශයෙන් ගැසට් කිරීම සහ කඩොලාන ප්‍රදේශ හෙක්ටයාර 14800 ක් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනවලට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තැබුවා.