කැබිතිගොල්ලෑවේ අනතුරකින් පුද්ගලයෙකු මරුට

Saturday, 12 October 2019 - 17:57

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%91%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැබිතිගොල්ලෑව - පදවිය මාර්ගයේ ගල්කන්දේගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කැබිතිගොල්ලෑව සිට පදවිය දෙසට ධාවනය වූ මෝටර් රථයක පිටුපස යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අනතුරින් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව සමාධිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.