කැළණි පාලමෙන් පැන අතුරුදන්වූ පෙම් යුවලක් සොයා මෙහෙයුම්

Saturday, 12 October 2019 - 18:34

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
සියදිවි හානි කර ගැනීමට කැළණි ගඟට පනින ලද පෙම් යුවලකගේ සිරුරු සොයා පොලිස් නාවික කොට්ඨාශය සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ 11.15 ට පමණ කැළණි පාලමෙන් මොවුන් දෙදෙනා ගඟට පැන ඇති බවයි.

ඔවුන් මොරගස්මුල්ල, 3 වන පටුමග මොරඋයන ලිපිනයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවියක් සහ රාජගිරිය - ඔබේසේකරපුර පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ප්‍රේම සබඳතාවට එල්ල වූ විරෝධයක් නිසා මොවුන් සිය දිවි හානි කර ගැනීම සඳහා කැළණි ගඟට පැන ඇති බවයි පොලීසිය සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.