සුරක්ෂිත රටක් බිහිකිරීමේ යුතුකම ඉටු කිරීමට සූදානම් බව ගෝඨාභය කියයි

Saturday, 12 October 2019 - 19:25

%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%B8+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සුරක්ෂිත, සෞභාග්‍යමත් රටක් බිහිකිරීමේ යුතුකම ඉටු කිරීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ යටියන්තොට ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පල කිරීමට තම පක්ෂයේ සියලූ පාර්ශවයන් තීරණය කළ බව ටී.එම්.වී.පී පක්ෂයේ මහලේකම් නැගෙනහිර පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී පී.ප්‍රශාන්තන් ප්‍රකාශ කළා.

ඒ මඩකලපුව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.