දශක 6කට පසු දරුණුුතම සුළි කුණාටුව ජපානයට

Saturday, 12 October 2019 - 19:34

%E0%B6%AF%E0%B7%81%E0%B6%9A+6%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%94%E0%B6%AD%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
දශක 6 කට පසු ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව හජිබිස් හේතුවෙන් ටෝකියෝ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පැයට කිලෝමීටර් 216 ක උපරිම වේගයකින් හමා යන හජිබි සුළි කුණාටුවේ බලපෑමෙන් ප්‍රදේශ රැසක ගංවතුර හා නායයාම් තත්ත්වයන් ද හට ගෙන ඇති අතර, එක් පුද්ගල මරණයක් ද වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ෆෝමියුලා වන් ධාවන තරග මෙන්ම, රග්බි ලෝක කුසලානයේ තරග ද අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.