ජගත් මහ ලේකම්වරයාගෙන්, මහජන නියෝජිතයන් සහ ඡන්දදායකයන් වෙත ඉල්ලීමක්

Sunday, 13 October 2019 - 9:37

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කාලගුණ වෙනසට එරෙහිව සටන් කිරීම සහ කාබන් භාවිතය අවම කරලීම සඳහා රජයන් වෙත බලපෑම් කරන ලෙස ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහජන නියෝජිතයන් සහ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පැවැත්වෙන ලෝක නගරාධිපති සමුළුවට ඊයේ සහභාගිවෙමින්.

පරිසරය සුරැකීමේ පියවර ක්‍රියාත්මක නොකරන ආණ්ඩු ප්‍රතික්ෂේප කළයුතු බවයි ජගත් මහ ලේකම්වරයා මෙහිදි අවධාරණය කළේ.

ලොව පුරා ප්‍රධාන නගරවල නගරාධිපතිවරුන් සහභාගිවන මෙම සමුළුවේදී ලෝක කාලගුණ වෙනස හදිසි තත්ත්වයක් සේ සළකා කටයුතු කළ යුතු බව ප්‍රකාශ වුණා.