දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් කර ඇති බව පොලිසිය පවසනවා.
දෙහිවල - ගාලූ පාරේ පිහිටි මෙම ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම හේතුවෙන් රිය අනතුරු බහුලව සිදුවීම නිසා මෙම තීරණයට එළඹ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව සහ රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය ගත් තීරණයක් මත පසුගිය 10 වනදා සිට මෙම තහනම ක්‍රියාත්මකයි.
යතුරුපැදිවලට පාලම මතින් ගමන්කිරීම තහනම් බවට පුවරු සවිකර තිබුණද යතුරුපැදිකරුවන් මෙම පාලම මතින් ගමන් ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව අදාළ තහනම දැන් දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙනු ඇති.