ෆේස්බුක් සාදයකදී හෙරොයින්, අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් විසිපස්දෙනෙකු අත්අඩංගුවට

Sunday, 13 October 2019 - 10:37

%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අවිස්සාවේල්ල - තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ ෆේස්බුක් සාදයකට එක්ව සිටි තරුණ තරුණියන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදුකළ එම වැටලීමේදි තරුණයන් 21 දෙනෙකු සහ තරුණියන් හතරදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් ඇඹිලිපිටිය, දෙහිඕවිට, කොස්ගොඩ, කොළඹ, ගාල්ල සහ මාතර ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1.3 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 525 ක් සහ ගංජා මිලිග්‍රෑම් 10 ක් ද පොලිස් භාරයට ගැනුනා.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.