ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදීම තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් ප්‍රකාශ කළා.
හැටන් - කොටගල, පිහිටි ලංකා කම්කරු කොංග්රස් මූලස්ථානයේ අද පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදියි ඔහු මේ බව කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසය, වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡාවල නිරතවුණා.
එම සාකච්ඡාවලදී ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට පූර්ණ සහය ලබාදිය යුතු බවට පක්ෂයේ විධායක සභාව තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ස්වයංපෝෂිත සංවර්ධිත රටක් ගොඩනැගීමට නම් ශක්තිමත් සෘජු තීරණ ක්‍රියාත්මක කරන නායකයෙකු අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොත්මලේ ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින්.