උඩුගුවන තරණය කළ පළමු අරාබි ජාතිකයා මව්බිමට

Sunday, 13 October 2019 - 12:39

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
උඩු ගුවන තරණය කළ පළමු අරාබි ජාතිකයා වන හස්සා අල් මන්සූරි ඊයේ සිය මව්බිම වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියා.

එහිදී ඔහු එමීරයේ කිරුළ හිමි මොහොමඞ් බින් සෙයිද් අල් නහ්යාන් කුමරු ඇතුලු රාජකීයන් සහ එරට ජනතාව විසින් ඉමහත් හරසරින් පිළිගනු ලැබුවා.

මන්සූරි අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ දින 8 ක් ගත කළ අතර, එහිදී ඔහු එමීරයේ ජාතික ඇඳුම සහ දේශීය ආහාර ප්‍රවර්ධනය කිරීම විශේෂත්වයක්. හිටපු හමුදා ගුවන් නියමුවෙකු වන 35 හැවිරිදි හස්සා අල් මන්සූරි පසුගිය 3 වනදා නැවතත් පෘථිවියට ළඟාවූ අතර, ඊයේ අබුඩාබි නුවරට පැමිණියේ රුසියානු රොස්කොස්මස් පුහුණු වැඩසටහනකටද සහභාගිවීමෙන් අනතුරුවයි.