හගිබිස් චන්ඩ මාරුතයෙන් ජපානයේ 18 ක් මරුට

Sunday, 13 October 2019 - 12:55

%E0%B7%84%E0%B6%9C%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+18+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දශක ගණනාවකින් ජපානයට හැමූ ප්‍රබලතම චන්ඩ මාරුතය වන හගිබිස් හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 18 ක් වාර්තාවනවා.

ටෝකියෝ නුවරට දකුණු දෙසින් ඊයේ ගොඩබිමට ඇතුලුවූ චන්ඩ මාරුතය මේ වනවිට උතුරු දෙසට ගමන් ගනිමින් පවතින අතර, දැඩි වර්ෂාපතනයක් සහ ජල ගැලීම් වාර්තාවුණා.

ජීවිතාරක්ෂක මෙහෙයුම් සඳහා ජපාන ආරක්ෂක හමුදා සාමාජිකයන් 27,000 ක් යොදවා ඇති බවයි රජය ප්‍රකාශ කළේ. ටෝකියෝවට උතුරු දෙසින් සාත්තු නිවාසයක සිරවී සිටි පිරිසක් බේරා ගැනුනේ බෝට්ටු යොදාගනිමින්.

හගිබිස් චන්ඩ මාරුතය හේතුවෙන් මේ වනවිට නිවාස හාරලක්ෂයකට පමණ විදුලිය ඇණහිට ඇති අතර, දුම්රිය සහ ගුවන් ගමන්ද අවලංගු කිරීමට සිදුවුණා.

සුළිසුළඟ හේතුවෙන් රග්බි ලෝක කුසලාන තරග කිහිපයක් අවලංගු කිරීම සිදුවුවද ස්කොට්ලන්තය සහ සත්කාරක ජපාන පිල අතර තරගය අද නියමිත පරිදි පැවැත්වෙන බවයි සංවිධායකයන් ප්‍රකාශ කළේ.