අන්තර්ජාල මූල්‍ය වංචා ගැන, යළි අනතුරු ඇගවීම්

Sunday, 13 October 2019 - 19:08

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

ඔවුන් සමාජජාලා ඔස්සේ කලක් ඇසුරු කර හිතවත් වීම හරහා විශ්වාසයක් ගොඩනගා ගෙන, විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග, රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවයි වාර්තාවන්නේ.

එම නිසා මුදල් හෝ ත්‍යාග ලබාගැනිම සඳහා මුදල් තැන්පත් කිරීම වගකිවයුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඇතැම් අවස්ථාවල ගුවන් තොටුපළ රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා යැයි ද පවසමින් මෙලෙස මුදල් වංචා කර තිබෙනවා.

මෙය  සංවිධානාත්මකව සිදුවන වංචාවක් බැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.