දෙමළ පක්ෂ අදත් රැස්වේ

Monday, 14 October 2019 - 7:48

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
දෙමළ ජනතා සන්ධානයේ නායක උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික පක්ෂ අතර ඊයේ පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ඔවුන්ගේ පොදු යෝජනාවලිය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ඊයේ දිනයේ නොහැකිවී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම සාකච්ඡාවට ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් සහභාගිවී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පොදු එකඟතාවකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් දෙමළ ජනතා සන්ධානයේ නායක උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික පක්ෂ අද පස්වරුවේත් යළි හමුවීමට නියමිතයි.