ඉන්දියාවේ නිවසක පිපිරීමකින් 10 ක් මරුට

Monday, 14 October 2019 - 13:33

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ දෙමහල් නිවසක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. ගෑස් සිලින්ඩරයක් පුපුරා යාම අනතුරට හේතුව බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඒ සමඟම එහි දෙවන මහලද කඩාවැටී තිබෙනවා. තුවාල ලැබූවන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට සැක කරන අතර, ඔවුන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.