සංචාරක නිකේතනයක සැකකටයුතු අන්දමින් රැඳී සිටි උතුරේ තරුණයින් හයදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 15 October 2019 - 8:59

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හලාවත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක සැකකටයුතු ලෙස ලැගුම් ගෙන සිටි ද්‍රවිඩ ජාතික තරුණයින් හයදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් ඔවුන් කෝපායි සහ වැල්වැටිතුරේ යන ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ සැකකාර තරුණයින් මුහුදු මාර්ගය ඔස්සේ විදේශ රටකට පලායාම සඳහා මෙලෙස සංචාරක නිකේතනයේ ලැගුම් ගෙන සිට ඇති බවයි.