වැසි අවදානම නිර්ණය කිරීමේ නව ක්‍රමවේදයක්

Tuesday, 15 October 2019 - 10:52

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රාදේශීය වශයෙන් වූ නායයෑමට බලපාන වර්ෂාපතන සීමාවන් නිර්ණය කිරීමේ නව ක්‍රමවේදයක් සඳහා වූ පර්යේෂනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ආරම්භ කර තිබෙනවා.

නායයෑමට බලපාන වර්ෂාපතන සීමා දැනට පවතින්නේ දිවයිනටම පොදු නිර්ණායකයක් ලෙස වන අතර, එය සෑම පළාතකටම ගළපා ගැනීම ප්‍රායෝගික නොවන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ප්‍රකාශ කළේ.

මිලිමීටර 75ක වර්ෂාපතනයක් ලැබුණහොත් අවධානයෙන් සිටින ලෙසත්, මිලිමීටර 100 ක වර්ෂාපතනයක් ලැබුණහොත් ඉවත්වීමට සූදානමින් සිටින ලෙසත්, මිලිමීටර 150 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබුණුවිට ඉවත්වන ලෙසත් මේ වනවිට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබනවා.

කෙසේ වෙතත් වඩාත් සාර්ථක නායයෑම් අනතුරු ඇඟවීම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක නව පර්යේෂණය යටතේ, ප්‍රාදේශීයව පවත්නා පාංශුවල ස්වභාවය සහ වර්ෂාවේ ස්වභාවය මෙන්ම ප්‍රමාණය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.






දේශපාලනික ගැටලු සඳහා විසදුම් සෙවිය යුත්තේ දේශපාලනය හරහායි - අනුර කුමාර (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:14

දේශපාලනඥයින් විසින් ඇතිකළ ආර්ථික, සමාජයීය හා දේශපාලනික ගැටලු... Read More

ගැටුම් නොමැතිව රජයක් ගෙන යාමට අගමැති කළ ඉල්ලීම (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:07

ගැටුම් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති... Read More