යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටී තරුණයෙකු මරුට

Tuesday, 15 October 2019 - 14:54

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
රැකියාව සඳහා යමින් සිටියදී යතුරුපැදියක් මතට පොල් ගසක් කඩා වැටී අනතුරට ලක්වූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිවුලපිටිය - ගම්පහ ප්‍රධාන මාර්ගයේ වැටගෙදර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූ එම තරුණයා දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මියගිය තරුණයා දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි එක්දරු පියෙක්.