කොළඹ නගරාධිපතිනියට විරෝධය පළ කර, අරුවක්කාරුවට කුණු භාර ගැනීම හෙට සිට නවතී

Tuesday, 15 October 2019 - 18:23

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක අරුවක්කාරු ව්‍යාපෘතිය විවේචනය කිරීම නිසා හෙට සිට එම අංගනයට කසල භාර ගැනීම තාවකාලිකව අත්හිටුවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඉංග්‍රීසි පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය සඳහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය අසාර්ථක සහ පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකි වූ ව්‍යාපෘතියක් බවයි.

එසේම, මෙම ව්‍යාපෘතිය පෙන්වමින් ඇතැම් අමාත්‍යවරු කප්පම් ලබා ගත් බව ද, එමගින් ඇය සඳහන් කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ කොමසාරිස්වරයා වෙත ලිපියක් යොමු කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ කියා සිටියේ.

කොළඹ මහනගර සභා සීමාවේ එක්රැස් වන කැලිකසල ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අමාත්‍යාංශය පාරිසරික නීති අනුගමනය කරමින් සෑම ප්‍රයත්නයක්ම ගෙන ඇති බව අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබෙනවා.

කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීමට ස්ථානයක් නොමැති වූ අවස්ථාවේදී අරුවක්කාරු සනීපාරක්ෂක කසල අංගනය අඩක් නිම කර තිබියදී ඊට කසල බැහැර කිරීමට පියවර ගත් බව ද ලේකම්වරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එවැනි පසුබිමක් තුළ නගරාධිපතිනියගේ මෙම ප්‍රකාශය තුළින් මහනගර සභාව සතුව කසල ගැටලුවට වඩා හොඳ විසඳුමක් පවතින බවට පෙනී යන බවයි අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ.

ඒ අනුව, හෙට සිට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අරුවක්කාරු කසල අංගනයට කොළඹ මහනගර සභාවේ කසල භාර නොගන්නා බවයි එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.