දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙකු යොදා සිදුකළ හෙරොයින් ජාවාරමේ මහමොලකරු බන්ධනාගාර රැදවියෙක්

Thursday, 17 October 2019 - 12:44

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
දෙහිවල සත්වෝද්‍යානය සේවකයෙකු ඇතුළු හතර දෙනෙකු සිදුකළ මත්කුඩු ජාවාරම මෙහෙයවා ඇත්තේ වැලිකඩ බන්ධානාගාරයේ සිටින අධිකාරිගේ සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත නමැති රැදවියෙකු බවට තොරතුරු හෙලි වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව දෙහිවල ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 100ක් සමඟ සැකකරුවෙකු ඊයේ පස්වරුවේ කවුඩානේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් අතර පසුව අනාවරණය වූයේ මොහු 34 හැවිරිදි කසුන් ෂෙහාන් කළුවිතාරණ නමැති පුද්ගලයෙකු බවයි.

මොහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී කවුඩාන ප්‍රදේශයේදීම හෙරෝයින් ග්‍රෑම් 100ක් සමඟ තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

41 හැවිරිදි විදානආරච්චිගේ නාලක පුෂ්ප කුමාර නමැති මෙම සැකකරු කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පදිංචි දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් පාලනය කරන්නෙකු බවටයි හෙලි වුණේ.

ඔහුගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී සත්වෝද්‍යානයේ ඔහුගේ කබඞ් එක තුල තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 400ක් අත්අඩංගුවට ගැණුනා.

මොහු සත්වෝද්‍යානය තුල සිට දීර්ඝ කාලයක් මෙම මත්කුඩු බෙදා හැරීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් මත කටුබැද්ද ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී රියදුරු සන්තකයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 68ක් සහ රුපියල් ලක්ෂ 20ක මුදලක් ද සොයා ගැනුණු අතර රථය කුලී පදනම මත මෙම පුද්ගලයා විසින් ලබාගෙන ඇති බවටයි හෙලි වුණේ.

රියදුරු මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචි අරුමාපුරගේ රනුජ පාලිත රණතිස්ස නමැති 41 හැවිරිදි පුද්ගලයෙක්.

රථයේ සිටි අනෙක් පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 15ක්, නවීන පිස්තෝලයක්, මැගසීනයක්, මිලිමීටර 9 වර්ගයේ සජීව පතොරම් 5 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවා.

මොහු අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සන්සුදීන් මොහොමඞ් ජුනේදීන් නමැත්තෙකු බවට හදුනාගෙන ඇති අතර එම පුද්ගලයා පසුගිය සෙනසුරාදා කඩුබැද්ද ප්‍රදේශයට පැමිණ එහි හෝටලය නවාතැන්ගෙන ඇති බවටයි හෙලිව ඇත්තේ.

වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයකට මොහු සම්බන්ධ වී ඇති අතර කටුබැද්ද ප්‍රදේශයට පැමිණියේ කුමන හේතුවකට ද යන්න සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

මෙම පුද්ගලයින් හතර දෙනා සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් තොගයේ බර ග්‍රෑම් 683ක් වන අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.