සිරියානු මෙහෙයුම නතර කිරීමට තුර්කිය සූදානම්

Friday, 18 October 2019 - 7:32

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
උතුරුදිග සිරියාවේ කුර්දි ප්‍රදේශවල දියත් කළ සිය මෙහෙයුම් අත්හිටුවීමට තුර්කිය එකඟ වී ඇති බව වාර්තා වනවා.

ඒ, ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, තුර්කි ජනාධිපති අර්ඩවාන් සමඟ අන්කාරා නුවර දී පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවයි.

ඒ අනුව දින 5ක කාලයක් සියළු මෙහෙයුම් අත්හිටුවන අතර, එම කාලය තුළ දේශසීමාවේ තුර්කිය යෝජනා කරන ආරක්ෂිත කලාපයෙන් කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ඉවත්වීමට ඉඩ සැලසෙනු ඇති.

කෙසේ නමුත්, කුර්දි සටන්කාමීන් මෙම එකඟතාව මුළුමනින්ම පිළිපදිනු ඇත්දැයි පැහැදිලි නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා.

සිරියානු යුද්ධයෙන් අවතැන් වූ 36 ලක්ෂ 74,000කට අධික පිරිසක් තුර්කියේ රැඳී සිටින අතර ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත කලාපයක් ඇති කිරීම තුර්කි රජය දියත් කළ මෙහෙයුමේ අරමුණයි.