ශ්‍රී ලාංකික නිසාම්ඩීන්ට ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙකුගෙන්, ඩොලර් ලක්ෂයක වන්දියක්

Friday, 18 October 2019 - 12:50

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕස්ට්‍රේලියාවේ දේශපාලනඥයන් සහ එරට මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට ව්‍යාජ චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් නිසාම්ඩීන්ට ඩොලර් ලක්ෂයක පමණ වන්දියක් පිරිනැමීමට එරට දේශපාලනඥයෙකුට සිදුව ඇති බව  ඕස්ට්‍රේලියානු පුවත්පතක් අනාවරණ කළා.  

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොහොයුරු අර්සලාන් කවාජා, ශ්‍රී ලාංකික මොහොමඩ් නිසාම්ඩීන් මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කළ බවට ව්‍යාජ සාක්ෂි ගොනු කර තිබූ බව පසුව හෙළිදරව් වුණා.

චෝදනා එල්ලවීමත් සමඟ අත්අඩංගුවට ගෙන රදවා සිටියදී නිසාම්ඩීන්, සිඩ්නි  ඔපෙරා රගහල මෙන්ම දුම්රිය ස්ථාන සහ පොලිස් ස්ථාන පුපුරුවා හැරීමට සැලසුම් කර තිබූ බවට  ඕස්ට්‍රේලියානු දේශපාලනඥයෙකු වන මාක් ලේතම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරනු ලැබුවා.

නිසාම්ඞීන් සහ ඔහුගේ සගයින්ගෙන් පරිස්සම් විය යුතු බව ඔහු නිකුත් කළ තවත් ට්වීටර් පණිවුඩයක්.

නිසාම්ඞීන් එම චෝදනාවලින් නිදහස් කළ පසුව ද එම ට්විටර් පණිවුඩ ඉවත් කිරීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ දේශපාලන නායකයෙකු වන මාක් ලේතම් කටයුතු කර තිබුණේ නැහැ.

ඒ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී එම දේශපාලනඥයා ප්‍රකාශ කර ඇත්තේ නිසාම්ඞීන්ට එරෙහි චෝදනා සත්‍ය යැයි තමා විශ්වාස කරන බවයි. කෙසේ නමුත්, ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂකයා නිර්දෝෂී බවත් ඔහුට චෝදනා එල්ල කිරීම පිළිබඳව සමාව අයදින බවත් ඊට පසුදින ඔහු කියා සිටියා.

එහෙත්, මොහොමඞ් නිසාම්ඞීන් තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් මාක් ලේතම්ට එරෙහිව  ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයේ චෝදනා ගොනුකළ අතර, එම චෝදනා ඉවත් කර ගැනීම සඳහා දෙපාර්ශවයේ නීතිඥයින් සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ චෝදනා ඉවත් කර ගැනුණු අතර, ඒ සඳහා මාක් ලේතම්, ශ්‍රී ලාංකික මොහොමඞ් නිසාම්ඞීන්ට ඩොලර් ලක්ෂයක මුදලක් ගෙවා ඇති බවයි අනාවරණ වන්නේ. එහෙත් එම මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු දේශපාලනඥයාගේ කාර්යාලය මගින් හෙලිදරව් කර නැහැ.