පුටින්, යුද අපරාධ පරීක්ෂණවලින්, රුසියාව ගලවයි

Friday, 18 October 2019 - 13:06

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රුසියානු හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණ වැළැක්වීම සඳහා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගිය බදාදා ඔහු නිකුත් කළ නියෝගයක් මගින් ජිනිවා සම්මුතියේ වගන්ති කිහිපයකින් රුසියාව ඉවත්වීමත් සමඟයි.

1949 වසරේ ජිනිවා සම්මුතියට අනුව සිවිල් වැසියන්ට එරෙහි යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජගත් සංවිධානයට හැකියාව ලැබෙනවා.

එහෙත් ජනපති පුටින් සිය නියෝගය මගින් දැනුම් දී ඇත්තේ රුසියානු ෆෙඩරේෂනයේ අභිලාශයන්ට අනුව විශේෂ හේතූන් මත රුසියාව ඉන් ඉවත් වන බවයි.

සිවිල් වැසියන්ට එරෙහි යුද අපරාධ පරීක්ෂා කිරීම සඳහා 1991 වසරේදී ජගත් සංවිධානය කොමිසමක් ද පත් කළ අතර, එය රටවල් 77ක් අතුරින් තෝරා ගැනෙන ස්වාධීන විශේෂඥයන් 15 දෙනෙකුගෙන් සමන්විතයි.