අද වැසි වැඩිවේ

Saturday, 19 October 2019 - 7:37

%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පැවති වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව, ඌව යන පළාත්වලට අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 දක්වා වූ වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළා.