ශ්‍රී ලංකාව සාර්ථකව ත්‍රස්තවාදය අවසන් කළ බවට, ඉන්දීය නාවික හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Saturday, 19 October 2019 - 8:01

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ත්‍රස්තවාදය සාර්ථක ලෙස මර්දනය කළ ශ්‍රී ලංකාවේ අත්දැකීම් තම රටට මෙන්ම ඉන්දීය සාගර කලාපයට වැදගත් වන බව ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං ප්‍රකාශ කළා.

නවදිල්ලියේ පැවති ආරක්ෂක නියෝජිත සමුළුවක් අමතමින් ඔහු සඳහන් කළේ මුහුදු කොල්ල සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ජාතීන් අතර හමුදා සහයෝගීතාව වැදගත් වන බවයි.

එහිදී සමාන අදහස් දරණ අනෙකුත් නාවික හමුදාවල යහභාවිතයන් එක් කර ගත යුතු බව ඉන්දීය නාවික හමුදාපතිවරයා අවධාරණය කළා.

ඔහු ශ්‍රී ලංකාව පිළිබද සඳහන් කළේ කලාපයේ අනෙකුත් රටවල නාවික හමුදාවන් හි හැකියාවන් පිළිබදව කරුණු දක්වමින්. නවදිල්ලියේ එම සමුළුව පැවැත්වුණේ සහයෝගීතාව තුළින් ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම යන්න තේමා කර ගනිමින්.

ඉන්දීය නාවික හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම සහ නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම එක් රටකට තනිව සිදුකළ නොහැකි බවයි.

මේ අතර, මිනිස් ජාවාරම සහ දේශසීමා හරහා සිදුවන අපරාධ වැළැක්වීම සඳහා වූ ශ්‍රී ලංකා -  ඕස්ට්‍රේලියානු ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ 6 වන සමුළුව කැන්බරා නුවර දී පසුගිය දා පවත්වනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස මෙහෙය වනු ලැබුවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩයි.

අදාළ ඉලක්කයන් සපුරා ගැනීම සඳහා දෙරට අතර තොරතුරු හුවමාරු කරගැනීම, යාත්‍රා නිරීක්ෂණය සහ සේවා පහසුකම් සැපයීම පිළිබදව මෙහිදී අවධානය යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.