නිදහස් පක්ෂය, ගෝඨාභය සමඟ, අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි

Saturday, 19 October 2019 - 11:04

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%2C+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%2C+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා.

කොළඹ 7 -  බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර අතර මෙම ගිවිසුම අත්සන් කෙරුණේ උදෑසන 10.51ට පමණයි.

 මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම ආගමික පූජකවරුන් සහ නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියා.

අනතුරුව පැමිණ සිටි පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මෙලෙස අමතනු ලැබුවා. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සඳහා සෑම නිදහස් පාක්ෂිකයෙකුම හමුවීමට බලාපොරොත්තු වන බවයි.

අනතුරුවයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එම උත්සව සභාව ඇමතුවා.

ඔහු කියා සිටියේ තමා වෙත සහය දැක්වීම සම්බන්ධයෙන් නිදහස් පක්ෂයට කෘත්‍යඥතාව පළ කරන බවත් රටේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන බවයි.

එමෙන්ම තමා පිළිබදව නිදහස් පක්ෂය විශ්වාසය තබා ගන්නා ලෙසට ද ඔහු එහිදී සදහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ රැසක් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 31 වනදා එළිදැක්වීමට නියමිතයි.

දේශපාලන පක්ෂ 18 ක් එම සන්ධානයට ඇතුළත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.