වලස්මුල්ලේ නිවසක අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවෙකුගේ සිරුරක්

Saturday, 19 October 2019 - 15:54

%E0%B7%80%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
අභිරහස් ලෙස මියගොස් සිටි 13 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් වලස්මුල්ල - කටුවන - වල්ගම්මුල්ල ප්‍රදේශයේදී අද සොයා ගත්තා.

මෙම සිසුවාගේ පියා පෙරවරුවේ ව්‍යාපාර කටයුතු සඳහා නිවසෙන් පිටව ගොස් ඇති අතර මව නිවස අසල පිහිටි වෙලඳසැලට ගොස් ඇත්තේ නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම සඳහායි.

පසුව මව නිවසට පැමිණෙන අවස්ථාවේ සිසුවාගේ මළ සිරුර දැක තිබෙනවා.

මෙම මරණය ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.