ගිනිකොණ දිග මුහුද රළු වෙයි - ධීවරයන්ට අවවාද

Sunday, 20 October 2019 - 11:10

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%BB%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි. එමෙන්ම සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක් දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ නිසා ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ.